ජර්මනියේ කොරෝනා උත්සන්නවේ

214

කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිර යන ජර්මනියෙන් ඊයේ (19දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 65,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගම එරට සෞඛ්‍ය පද්ධතියට රෝහල්ගත කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම තත්ත්වය මැ`ඩලීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙම සංඛ්‍යාව දෙගුණ වනු ඇති බව ජර්මන් සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.

ජර්මනියේ කොරෝනා වසංගතයේ පැතිරීම පෙර නොවූ විරූ ලෙස වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එය මර්දනය කිරීම් සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා ජර්මනියේ ප‍්‍රාන්ත 16 නායකයන් විසින් තීරණය කර තිබේ. මේ යටතේ රටේ සියලූම රෝහල් හා සාත්තු නිවාස සේවකයන් එන්නත් කිරීමටත් මෙතෙක් කොරෝනා එන්නත් සම්පූර්ණ මාත‍්‍රාවන් ලබා ගෙන නොමැති අයට පොදු ස්ථානවලට ඇතුළත් වීම තහනම් කිරීමටත් තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment