ජර්මනියේ ජල ගැලීම් සිදුවූ ප‍්‍රදේශයකින් ළමා මළ සිරුරු 600ක් සොයා ගත් බවට ප‍්‍රචාරයක්

474

ඉකුත් ජුලි මස මැද භාගයේදී ජර්මනියේ හටගත් දරුණු ජලගැලීම්වලින් බලපෑමට හානි සිදු වූ ”‍ආර් වැලි”‍ ප‍්‍රදේශයේ තිබී

 මියගිය කුඩා දරුවන් 600කගේ මළ සිරුරු සොයා ගත් බවට ජර්මනියේ සමාජ මාධ්‍ය ජාලා හා වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි මගින් ගෙන යන ප‍්‍රචාරයන් අසත්‍ය බව පොලිසිය ප‍්‍රකාශ කර තිබේ.

 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති පොලිස් නිලධාරීන් විසින් පවසා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ පැතිර යන ළමුන් 600කගේ මළ සිරුරු ජල ගැලීම්වලින් හානියට පත් වූ ප‍්‍රදේශයකින් සොයා ගත් බවට මෙතෙක් කිසිදු වාර්තාවක් තමන්ට නොලැබුණු බවයි.මේ හේතුවෙන් මෙසේ කිසිදු සාක්‍ෂියක් නොමැතිව ප‍්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැුවටෙන ලෙස පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

 නිව්යෝක් නගරයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකුට තුවාල

 නිව්යෝක් නගරයේ ඉකුත් සෙනසුරාදා (31දා) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වයස අවුරුදු 19-72 වයස් කාණ්ඩයේ පසුවන තුවාල ලැබූවන් පිරිසගේ තත්ත්වය බරපතල නොවන බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි .

 යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් සිවු දෙනකු එකවර මාර්ගයේ සිටි පිරිසකට වෙඩි තබා ඇති අතර එම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙහෙයුම් දියත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment