ජර්මනියේ මියුනිච් නගරයේ බෝම්බයක් පිපිරීමෙන් සිවු දෙනකුට තුවාල

277

ජර්මනියේ මියුනිච් නගරයේ අලූතින් ඉදිකෙරෙන දුම්රිය ස්ථානයක තිබූ දෙවැනි ලෝක යුද සමයේ හෙලූ බෝම්බයක් පිපිරී යෑමෙන් පුද්ගලයන් සිවු දෙනකුට තුවාල සිදුවී තිබේ. මෙසේ තුවාල ලැබූවන් සිවු දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වී තිබේ.

අලූතින් ඉදි කෙරෙන දුම්රිය ස්ථානයේ පවතින උමග අසළ ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පැවතියදී ඒ අසල භූමියේ තිබූ බෝම්බය මෙසේ පිපිරී ගොස් තිබේ. මෙම අනපේක්ෂිත පිපිරීම හේතුවෙන් මියුනිච් නගරයේ දුම්රිය ගමනාගමනය නතර වී තිබේ. මියුනිච් නගරයේ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය පිපිරීම සිදු වූ ස්ථානයට වහා පැමිණ පිපිරී ගිය බෝම්බයේ කොටස් සොයා මෙහෙයුමක් දියත් කර තිබූ බව වාර්තා වේ. ජර්මන් බලධාරීන්ට අනුව මෙසේ පිපිරී ගොස් ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකානු හා එංගලන්ත හමුදා විසින් ජර්මනියට හෙලූ කිලෝ ග‍්‍රෑම් 250ක් පමණ බරැුති කාල බෝම්බයකි.

advertistmentadvertistment
advertistmentadvertistment