ජර්මනියේ ව්‍යාජ කොරෝනා එන්නත් සහතික පත් අලෙවිය ඉහළ යයි

191

ජර්මනිය තුළ ව්‍යාජ ලෙස සැකසූ කොරෝනා එන්නත්කරණය සිදු කළ බව සඳහන් සහතික පත් අළෙවිය වැඩි වෙමින් පවතින බව එරට පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබේ. මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මෙවැනි ව්‍යාජ කොරෝනා එන්නත්කරණ සහතිකපත් ඉදිරිපත් කිරීමේ සිදුවීම් 2500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ජර්මනියේ පළ වන ‘‘වෙල්’’ ඇම් සොන්ටැග්’’ පුවත්පත විසින් වාර්තා කර තිබේ.

 මෙම ව්‍යාජ කොරෝනා එන්නත්කරණ සහතිකපත් පිළිබඳව වාර්තා වී ඇත්තේ ජර්මන් රජය විසින් දෛනිකව එරට වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැඩි නීති රීති හඳුන්වා දෙමින් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට හා කොරෝනා ආසාදනය වැළඳී සුව වූ පුද්ගලයන්ට පමණක් පොදු ස්ථානවලට ඇතුළු වීමට අවසර ලබා දීමත් සමගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment