ජර්මානු අධිකරණය සිරියානු කර්නල්වරයා දිවි ඇති තෙක් සිරගෙට නියම කරයි

344

යුද අපරාධ සිදු කිරීමේ චෝදනාව මත ජර්මානු අධිකරණය සිිරියානු කර්නල්වරයෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කර ඇත.

අන්වර් රස්ලාන් නමැති මෙම කර්නල්වරයා සිරියාවේ 4000කට අධික පිරිසකට වධහිංසා සිදු කිරීමට සම්බන්ධ බව අධිකරණය තීන්දු කර තිබේ. සිරියාවේ අල්කම්බි සිරගෙයි දී සිවිල් වැසියන්ට ඔහු වධහිංසා පමුණුව ඇතැයි චෝදනා එල්ල වී තිබේ. මිනීමැරුම් 58ක් සිදු කළ බවට ද ඔහුට චෝදනා ගොනු විය. 2019 ජර්මනියේ දේශපාලන රැුකවරණ ලැබීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් ගොනු කළ නඩුවෙන් ඔහු වරදකරු විය. සර්වලෝක නීතිය යටතේ කර්නල්වරයාට එරෙහිව නඩුව විභාග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment