ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරයට ප්‍රථම වරට කාන්තාවක් – වසන්තා ඉලංගසිංහ වැඩ භාර ගනී

244

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ඉතිහාසයේ… සාමාන්‍යාධිකාරී ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසගත වෙමින් අභිනව සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය ඉංජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය පත්වීම් ලැබ ඇත.

වසර 47 ක ඉතිහාසයක් ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල ඉතිහාසයේ සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ පළමු කාන්තාව ඇය වෙයි. ඇය 33 වසරක සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පසුගිය 27 වැනිදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළාය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment