ජලාශවල ජල මට්ටම 40%ට බැස්සොත් ජල විදුලි නිෂ්පාදනය හමාරයි!

94

විදුලි බලාගාර ආශ‍්‍රිත ජල පෝෂකවල ජල මට්ටම සියයට 70 දක්වා මේවනවිට පහළගොස් තිබෙන අතර ඉදිරි සති දෙක තුනේදී ජල මට්ටම සියයට හතළිහ දක්වා පහළ ගියහොත් ජල විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවැසීය.

ජලාශවල ජල මට්ටම සියයට හතළිහ දක්වා අඩුවූ පසු ජල විදුලි නිෂ්පාදනය සිදුකළ නොහැකි බවද ඒ මහතා කීය.

මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගෙගාවොට් පැය හතළිස් හයක් පමණ වන බවත් ඉන් සියයට පනහක්ම තාප බලාගාරවලින් ලබාගන්නා බවත් ඒ මහතා කීය. ජල විදුලි නෂ්පාදනය සියයට 40ක් යැයිද ඉතිරි සියයට 10 සපුරාගනු ලබන්නේ සුළං, සූර්ය හා කුඩා ජල විදුලි

බලාගාර මගින් යැයිද ඒ මහතා ස`දහන් කළේය. දැවිතෙල්, නැප්තා හා ඞීසල් මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරවලට සැපයෙන ඉන්ධන ලබාදීම අඩුවුවහොත් දැනට ජල විදුලි බලාගාරවලින් ජනනය කරන විදුලි ප‍්‍රමාණය ඉහළ නැංවීම දැඩි අවදානමක් යැයිද ඒ මහතා කීය.

එනිසා ඉදිරි දිනවලදී අඛණ්ඩව විදුලිය ලබාදීම දැඩි අර්බුදයක පවතින බවද ඒ මහතා ස`දහන් කළේය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment