ජල ගැලීම්වලින් බැට කෑ නැගෙනහිර චීනයට චණ්ඩ මාරුතයක් පැමිණේ

97

ජල ගැලීම්වලින් බැට කා සිටින  නැගෙනහිර චීනයේ ප‍්‍රදේශ හරහා දැවැන්ත චණ්ඩ මාරුතයක් හමා යෑම හේතුවෙන් තවත් ජල ගැලීම් හට ගෙන ඇති අතර විශාල පිරිසක් ආරක්ෂිත ප‍්‍රදේශවලට රැුගෙන යෑමට බලධාරීන්ට සිදුව තිබේ. ‘‘ඉන් -ෆා’’ නමැති මෙම චණ්ඩ මා2රුතය චීනයේ ‘‘යන්හුවා’’ යනුවෙන් හැඳින්වෙන අතර චීන නගරයක් වන ‘‘සවුෂන්’’ නගරයට එය ඊයේ (25දා ) දිනයේ කඩා වැදීමත් සමගම නගරයේ ගස් ඉදිරී කඩා වැටී ඇති අතර හටගත් වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් ඇති වී තිබේ. මෙම මාරුතය හේතුවෙන් නගරයේ ප‍්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ඇන හිට ඇති අතර ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබිණි.
 
 මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් දකුණුදිග ෂැන්හයි නගරයේ වරායේ නවතා තිබූ නැව් දුසිම් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. පුද්ගලයන් 58 දෙනකුට මරු කැඳවමින් හා මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල කරමින් නැගෙනහිර චීනයේ හටගෙන ඇති ජල ගැලීම් මෙම මාරුතයේ බලපෑම හේතුවෙන් හටගන්නා දැඩි වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදී තවත් දරුණු වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment