ජල ගැලීම් නිසා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මාර්ග 550ක් යට වේ

233

ඉකුත් දිනවල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොණදිග ප්‍රදේශවල දරුණු ජලගැලීම් හටගෙන තිබේ. මෙම ජල ගැලීම් හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මහාමාර්ග 550කට අධික සංඛ්‍යාවක් යට වී ඇති අතර දහස් ගණනක් ජනතාව සිය නිවෙස්වල කොටු වී සිටින බව වාර්තා වී තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මුහුදු වෙරළ වසා දමා ඇති අතර බොහෝ ප්‍රදේශවල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජල ගැලීම් හේතුවෙන් කොටු වී සිටින ජනතාවගෙන් ගිනි නිවන හමුදාවට හා හදිසි ආපදා නිලධාරීන් වෙත ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මෙම සති අන්තයේද අධික වැසි පතිත වන බවට කාලගුණ අනාවැකි පළ වී තිබීම නිසා සැලකිලිමත්ව සිටින්නැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියනට ප්‍රාන්ත රජය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment