ජල පහරට හසුවූ පාසල් සිසුවා බේරා ගැනීමට ගිය දෙදෙනා මරුට බිලි!

391

ගල්පාත, කක්කඩුව ඇළේ අද පස්වරුවේ දියනෑමට ගිය ළමුන් දෙදෙනෙකු 02 වැනිදා පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, ගල්පාත ජය මාවතේ පදිංචිව සිටි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආරච්චිගේ චමිල් විශ්මිත නමැති 14 හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති දෙදෙනා තවත් තරුණයන් දෙදෙනකු සමග දියනෑමට ගොස් සිටියදී 14 හැවිරිදි වෙනත් පාසල් සිසුවකු ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබේ. ඔහු බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වී මෙසේ දියේ ගිලී මියගොස් තිබේ.

මෘත දේහයන් ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ. කළුතර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment