ජල බිලට මිලියන 580 ක් පොලු තැබූ හමුදාවේ – පොලිසියේ සහ රෝහල්වල වතුර කැපෙයිද

131

ජල බිල්පත් නොගෙවූ යුද හමුදාවේ, පොලිසියේ, රාජ්‍ය ආයතන සහ රෝහල්වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. හ`ිග ජල බිල රුපියල් මිලියන 580 කට ආසන්න බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

රසායනික ද්‍රව්‍ය ගාස්තු සහ විදුලි බිල සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් නඩත්තු සේවා ගාස්තු ඉහළ යෑමත් ජල සැපයුම විධිමත්ව පවත්වාගෙන යෑමට දැඩි බාධාවක්ව තිබෙන බව ද, ජල බිල්පත් හිඟය මණ්ඩලයට දැඩිව බලපා තිබෙන බවද එම උසස් නිලධාරියා කීය.

මධ්‍යම සහ පළාත් රෝහල් පද්ධතියෙන් රුපියල් මිලියන 180ක්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 40ක්, ත්‍රිවිධ හමුදාවෙන් රුපියල් මිලියන 160ක් සහ වෙනත් රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 200කට ආසන්න හිඟ ජල බිල්පත් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක පමණ සිට ගෙවීම් ප්‍රමාද කර තිබෙන බවද හෙතෙම පැවසීය

ගෙවීම් ප්‍රමාද කර තිබෙන ආයතනවලට අවසන් නිවේදනය (රතු නිවේදන) ලිඛිතව සහ කෙටි පණිවිඩ මගින් දැනුම් දී තිබෙන බවත්, ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කර තිබෙන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, රෝහල් සහ රාජ්‍ය ආයතන 2000 ක පමණ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දුන් අතර ලිපි ගොනු ලැබුණ විගස නඩු පැවරීමට පියවර ගන්නා බවත් මණ්ඩලය පවසයි.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment