ජල බිල්පත හිග නම් වතුර කපන්න යයි

150

හිග ජල බිල්පත් ඇති සියලූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. දිවයිනම ආවරණය වන ලෙස මේ දිනවල එවැනි ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂ (අය කිරීම්) ඒකනායක වීරසිංහ මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් මාසය දක්වා හිග ජල බිල්පත් රුපියල් මිලියන 7200ක් අයවීමට තිබූ අතර ඉන් මිලියන 1200ක් පමණ පාරිභෝගිකයන් විසින් ගෙවා තිබෙන බව ඒ මහතා පැවසීය.

ජල බිල්පත් හ`ිග පාරිභෝගිකයින් ස`දහා රතු නිවේදන සහ අවසන් නිවේදන නිකුත් කර තිබෙන බව ද, අවසන් නිවේදන නොතකා හි`ග බිල්පත් ගෙවීමට පියවර නොගන්නා සියලූම ජල පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීම මේ දිනවල සිදු කරගෙන යන බව ද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

ජල බිල්පත් ගෙවීමට ගැටලූ ඇත්නම් තමන්ට ආසන්න ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාලයට ගොස් ගෙවීම් අංශයේ නිලධාරීන් හමුවී හ`ිග ගෙවීම් ස`දහා පහසු වැඩපිළිවෙළක් සාකච්ජා කර ගෙවීමට පියවර ගත හැකි බවද හෙතෙම පැවසීය.

ජල සැපයුම විසන්ධි කිරීමෙන් අනතුරුව යළි සැපයුම ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් රුපියල් 1080ක්ද, රාජ්‍ය/පෞද්ගලික ආයතන/ පූජනීය ස්ථාන /වාණිජ ආයතනවලට රුපියල් 3240ක් ද ගෙවීමට සිදුවන බැවින් ජල සැපයුම විසන්ධි කිරීම වළක්වා ගැනීමට හි`ග මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

මාතලේ විශේෂ-නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment