ජල බිල් ගෙවීමේ අඩුවක්

104

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අය විය යුතු බිල්පත් ගෙවීම් විශාල ලෙස පහළ ගොස් ඇති බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍ය තත්ත්වයට වඩා 40% කින් පමණ මෙලෙස ජල බිල්පත් ගෙවීම පහත වැටී ඇති බව එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ සඳහන් කළේය.

මාසිකව රුපියල් බිලියන 8 ක පමණ මුදලක් ජල බිල්පත් වශයෙන් එකතු වන බවත් එය මෙම මාසය තුළ පහත වැටී ඇති බවත් හෙතෙම කීවේය. බිල්පත්

නොගෙවීම මණ්ඩලයේ දෛනික කටයුතු සහ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට ගැටලුවක් බවත් එබැවින් බිල්පත් හැකි විගස ගෙවා අඛණ්ඩ ජල සැපයුමක් ලබා

ගැනීමට දායක වන ලෙස හෙතෙම පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. ජල බිල්පත කඩිනමින් ගෙවීම තුළ මණ්ඩලය ලබාදී ඇති වට්ටම ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment