ජල විදුලිය උපරිමයට… ගල්අඟුරුත් තිබුණා නම් ලයිට් කැපිල්ලක් නෑ

146

ජල විදුලි නිෂ්පාදනය උපරිමයට පැමිණ ඇතැයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙක් “දිවයින”ට පැවසීය.

නියමිත ආකාරයෙන් ගල්අඟුරු සපයා ගැනීමට හැකි වුණානම් දැනට සිදුකරන විදුලි කප්පාදුව නතර කරගත හැකි බව ද එම නිලධාරියා පැවසීය.

මේ වනවිට ඉන්ධන භාවිත කර විදුලිය නිෂ්පාදනය නොකරන අතර විදුලි අවශ්‍යතාවෙන් ඊයේ (01 දා) වනවිට ජල විදුලිය 69.2%ක්, නොරච්චෝලෙන් 28.70% ක් සූර්ය බලයෙන් 0.92% ක්, සුළං බලයෙන් 1.18% ක් සහ වෙනත් ප්‍රබවයන්ගෙන් 0.18% සපුරා ගන්නා බවද ඔහු කීවේය.

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර දෙකක් මගින් විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්කර තිබෙන බවත් අලුත්වැඩියා කළ යන්ත්‍රය මගින් විදුලිය නිපදවා ගැනීමට හැකියාව ඇතත් ගල්අඟුරු සංචිත සීමිත වීම නිසා යන්ත්‍රය මගින් විදුලිය උත්පාදනය ප්‍රමාද කරන තත්ත්වයක පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment