ජල විදුලි නිපැයුම ඉහළට – ඊයේ – අද විදුලි කප්පාදුවක් නෑ

137

ජල විදුලිය නිෂ්පාදනය වැඩිකිරීම නිසා ඊයේ හා අද (30 සහ 31) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයේගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිය කප්පාදු කරන පැය දෙකයි විනාඩි විස්ස තුළ විදුලිය නොකපා තබාගැනීම සඳහා ජල විදුලිය නිපදවීමට ජලය ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජල ලේකම් කාර්යාලය වෙත ලිඛිතව ඉල්ලීම් කළ බවත්, එයට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් රත්නායක මහතා කීවේය. කෙසේ වෙතත් එය ද කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට තමාට දැනගන්නට ලැබුණු බව ද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment