ජල සම්පාදන මෙහෙයුම් 20ක ජලය ලබාදීම මුර ක්‍රමයට

107

රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 ක් අතුරින් 20 ක පූර්ණකාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමට කටයුතු කර ඇත.

මේ අනුව කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර, ඌරුබොක්ක, හම්බන්තොට, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෙයිපත්තුව, පොතුවිල්, තිරුක්කෝවිල්, මොනරාගල, බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙල, බෝගහකුඹුර, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජල සම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ ජලය ලබාදීම සිදුකරයි.

පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන ලෙසද ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment