ජල සැපයුමටත් විදුලියෙන් බාධා

90

පවතින විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන සේවක සංගමය සඳහන් කරයි.

ප‍්‍රාදේශීය වශයෙන් පවතින ජල පිරිපහදුවල විදුලි සැපයුමට බාධා ඇතිවුවහොත් ජලය බෙදාහැරීමට නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද එම සංගමයේ සම ලේකම් උපාලි රත්නායක මහතා ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

විදුලි විසන්ධිවීම නිසා සුළු කාලයක් හෝ ජල පිරිපහදු සහ ජල පොම්පාගාර නවතා තැබීමෙන් ඇතිවන අඩුපාඩු හේතුවෙන් අඩු පීඩන තත්ත්වයන් යටතේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ජලය සැපයීමට ඉඩ ඇතැයි ද ඒ මහතා පැවසීය.

විදුලි ජනන යන්ත‍්‍ර මගින් ජල සැපයුම ක‍්‍රියාත්මක කරන ස්ථාන සීමිත බවත් බොහෝ ස්ථානවල විදුලි ජනන යන්ත‍්‍ර නොමැති නිසා ජනතාව පීඩාවට පත්වීම වළක්වාලීම සඳහා විදුලි ජනන යන්ත‍්‍ර ඇති ස්ථාන වෙත ඉන්ධන ලබාගැනීම තොග වශයෙන් කළ යුතු වුවත් පවතින තත්ත්වය යටතේ එය ද අපහසු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සුජීව තත්සර චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment