ජවිපෙන් නව ජාතික සැලැස්‌මක්‌

661

වර්තමානයේ රට මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නව ජාතික සැලැස්මක් එළි දැක්වීමට තීරණය කර ඇත.

එහිදී විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෘත්තිය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි අදහස් ලබා ගැනීමට නියමිතය.

පවතින අර්බුදයන්ට විසඳුම් සෙවීමට වසර හැත්තෑ ගණනක් මුළුල්ලේ රට කරවූ පාලකයන්ට නොහැකි වී ඇති බැවින් සිය පක්ෂය නව ජාතික සැලැස්මක් සැකසීමට කටයුතු කරන බවත් ඒ ඔස්සේ රට හමුවේ ඇති අර්බුදයන්ට කෙටිකාලීන, මධ්‍යම කාලීන, දිගු කාලීන විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සඳහන් කළේය.

අධ්‍යාපනය, ආර්ථිකය, නීතිය, සෞඛ්‍යය, කෘෂිකර්මය ආදී සෑම ක්ෂේත‍්‍රයකම වෙනස්කම් රැුසක් සිදු කිරීමට ඇති බවත් ණය කළමනාකරණය, සංවර්ධන ව්‍යාපෘතීන් නැවත තක්සේරුව කඩිනමින් කළ යුතු දෑ බවත් හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment