ජවිපෙන් මැයි දින සැමරුම් 4 ක්

155

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය කොළඹ ඇතුළු ප්‍රධාන නගර හතරක් කේන්ද්‍ර කරගනිමින් අද (1 දා) පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනය නගර කේන්ද්‍ර කරගනිමින් මැයි දින සැමරුම් පැවැත්වෙයි.

එම පක්ෂයේ මෙවර මැයි දින තේමාව ‘ජන පීඩක ආණ්ඩුව පරදවමු – ජනතාවාදී පාලනයක් ගොඩනගමු’ යන්නයි.

කොළඹ සැමරුම් උත්සවය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ කේ. ඩී. ලාල්කාන්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සවස 3.00 ට කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්වෙයි. උද්ඝෝෂණ පෙළපාලිය සවස දෙකට පංචිකාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි. මාතර සැමරුම් උත්සවය සවස 3. 00 ට උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි. අනුරාධපුර සැමරුම් උත්සවය සවස 4.00 ට වලිසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ද යාපනය සැමරුම් උත්සවය පෙරවරු 10.00 ට වීරසිංහම් ශාලාවේ දී ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ද පැවැත්වෙයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment