ජවිපෙවත්, පෙරටුගාමීන්වත්  හාල් ගැන කතාවක් නෑ  – ඇමැති රොෂාන් රණසිංහ

179

ජනතාවගේ ප්‍රධාන ආහාරය සඳහා යොදා ගන්නා හාල් කිලෝ එක රුපියල් 300 ට ආසන්න බවත් ජනතා විමුක්ති පෙරමුණවත්, පෙරටුගාමීන්වත් හාල් කිලෝව රුපියල් 1000 ට ගියත් කතා කරන්නේ නැති බවත් ඔවුන් අතර ඩීල් එකක් තිබෙන බව එයින් පෙනී යනවා යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය 17 වන දා උදෑසන දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි නායක හිමිපාණන්වහන්සේලා බැහැදැක අවවාද උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපි කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්තය ගොවි ජනතාව අතර පමණක් සීමා නොකර සෑම ගෙවත්තක්ම, සෑම බිම් අඟලක්ම වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශය විදියට අපිට ලබා දෙන්න තිබෙන ජලය උපරිම කළමනාකරණයකින් ගොවි ජනතාව අතට ලබා දෙන්න අපි කටයුතු සිදු කරනවා.

උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ කුඹුරු පුරන් වී නොමැති බව අපිට දැක ගන්න පුලුවන්. වඩාත් කණගාටුවට කාරණය තමයි 3% ක පිරිසක් විසින් ගොවි ජනතාව මුලා කරලා. ගොවි සංවිධානවල ඉන්න 3% කණ්ඩායම කුඹුරු කරන්න එපා කියලා. ඒ අයගේ කුඹුරු ටික කරගෙන තිබෙනවා.

අපි දන්නවා ජනාධිපතිතුමාම කිවුවා පොහොර සම්බන්ධව අපි ගත්ත තීන්දුව වෙනස් කරන්න සිදු වුණා කියලා. ඒ තීන්දුවේ යම් වැරැද්දක් අපි දකිනවා කියන එක එතුමා ප්‍රකාශ කළා. රජය නියෝජනය කරන නියෝජිතයෙක් විදියට ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්න මම සම්පූර්ණයෙන්ම මැදිහත් වුණා. ඔබට හොඳට මතක ඇති. පොහොර ටික ලැබිලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජලාශ ටික පිරිලා කුඹුරුවලට වතුර දෙනකොට අපේ ප්‍රශ්න බොහොමයක් අඩු වේවි. ඩොලර් ප්‍රශ්නයත් එක්ක ඉන්ධන හිඟයක් තිබෙනවා. කොහොම හරි තෙල් ටිකත් කලට වේලාවට ලබාගෙන ධනාත්මකව කටයුතු කළොත් අපිට වරදින්නේ නැහැ.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment