ජවිපෙ අමුතු දේශපාලන පක්‍ෂයක්

52

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී එකතුවෙලා වැඩකරන්න බැරි අමුතු දේශපාලන පක්‍ෂයක් යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රතන්ප්‍රිය මහතා පැවසීය.

ඔවුන් සිතා ඉන්නේ ඔවුන්ට බලය ලැබුණහම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරලා රට හදන්න යැයිද රත්නප්‍රිය මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

මේ රටේ අර්බුදය නිර්මාණය කළේ හිටපු ජනාධිපතිවරයා පමණක් නොවෙයි. එයට දායක වෙච්ච පිරිසකුත් හිටියා. ඒ අය අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ වැනි අයත් මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි.

මෙය හරියට සුනාමිය පැමිණීමට පෙර සතුන්ට කලින් දැනිලා බේරෙන්න තැන් හොයනවා වගේ. මේ අයත් දේශපාලන අර්බුදයක් එද්දී පැත්තකට වෙලා සුදනෝ අපි සුදනෝ කියලා කියන්න පටන් අරන් තියෙනවා. පාර්ලිමේන්තුවේදී සියලු ව්‍යවස්ථා සංශෝධනවලට, විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනයට අත් දෙකම උත්සලා කැමැත්ත පළ කරපු අයත් මෙතන ඉන්නවා යැයිද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment