ජවිපෙ පෙළපාලියට වාරණයක්

256


ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කොළඹදී පවත්වන විරෝධතා පෙළපාලිය කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය,මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර වෙත යන මාර්ග වලට ඇතුළුවීමට අවසර නොලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment