ජවිපෙ පෙළපාලිය දෙවන දින ඇරඹේ

213

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු -පන්නමු, යන මැයෙන් බේරුවල නගරයෙන් ආරම්භ කර වාද්දුව නගරයට පැමිණ සිටී ජවිපෙ දැවැන්ත විරෝධතා පෙලපාලිය අද(18) උදෑසන වාද්දුව නගරයේදී පාම විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනතා වාදී ආණඩුවක් පත්කර ගැනීම අරමුණ කරගනිමින් දින තුනක් අඛණ්ඩව ගමන් ගැනිිමට නියමිතව ඇති අතර , වාද්දුවෙන් ඇරඹි පෙලපාලිය මොරටුව දක්වා ගමන් කරන ලදී.

පෙලපාලියේ ආරම්භක මොහොතට පාම හරිනි වික්‍රමසූරියල හිටපු පාම වරුන්වනල වෛද්‍ය නලින්ද ජයතිස්ස ල කේ.ඩී. ලාල්කාන්ත , සුනිල් හදුන්නෙත්ති ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් අට දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටින අතරල ඔවුන් ආණ්ඩු විරෝධී පාඨ ඇතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් දස දහසකට ආසන්න පිරිසක් පෙලපාලියේ ගමන් කලහ.

පෙලපාලිය දින තුනක් පුරාවට පැවැත්වෙන අතර , එය අද මොරටුව නගරයෙන් ආරම්භ කර කොළඹ ලිප්ටන් වටරවුම දක්වා පැමැණීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment