ජවිපෙ මර්දනය කරන්න ආණ්ඩුව සැලසුම් හදලා

466

ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමේ සැලසුම් සහගත කූට සැලසුමක් රජය ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු වාර්තා වන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් පැවසීය.
පසුගිය 09 වැනිදා රට පුරා සිදු වූ කලහකාරී සිද්ධීන් සිය පක්ෂය පිට පටවා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට යන බවත් හෙතෙම කීවේය.

රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම් ජවිපෙ සාමාජිකයන් ලෙස හුවා දක්වන බවත් එසේ සිදු කරන්නේ එම සැලසුමේ මූලික පියවරක් ලෙස බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මෑතකාලීන දේශපාලන වර්ධනය ඉවසාගත නොහැකිව ආණ්ඩුව කෙසේ හෝ එය මැඬලීමට කටයුතු කරන බවත් කී විජිත හේරත් මහතා ආණ්ඩුවේ මෙම කටයුත්ත තුළින් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව සත්‍ය ද වැළලෙන්නේ යැයි ද කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment