ජවිපෙ සමග හවුල් කතාව: දයාසිරිට ඇතුළෙන්ම විරෝධය

268

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදාක ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමක් හෝ ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කිරීමක් නොකරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සමග වුවත් සන්ධාන ගතවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවට නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ දේශපාලන මණ්ඩලය මේ වන විට දැඩි විරෝධයක් එල්ල කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලොව මේ ඕනෑම පක්ෂයක් සමග සන්ධානගත වූවත් කිසි දිනෙක ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමට සූදානම් නොමැති බවට පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස දේශපාලන පක්ෂයක් නොවන බවත් ඔවුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම ක‍්‍රියාකාරීන්ට කරන ලද විනාශය තවමත් අමතක නොවන බවත් පක්ෂ දේශපාලන මණ්ඩලය සඳහන් කළ බව ද එම මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment