ජ්‍යෙෂ්ඨයාගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම පණ ලබයි

481

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

 ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතක ඉනිමෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශය සමගින් ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විටදී සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබා ගැනීමට ඊයේ (15 වැනිදා) සමත් වී සිටියේය.

ජ්‍යෙෂ්ඨයාගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම පණ ලබයි


පළමු දිනයේ තේ පානයෙන් පසු යෑවූ පන්දුවාර 10ක් අවසානයේදී ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ල ලෙසින් පිටියට එක් වූ දිනේෂ් චන්දිමාල් දිනය නිමා වනවිටදී ඇන්ජලෝ මැත්ව්ස් සමග එක් වී ලකුණු 75ක නොදැවුණු ලකුණු සම්බන්ධතාවක් එක් කරමින් සිටියේය.

 මීට පෙර ඔස්ටේ්‍රලියාව, පාකිස්තානය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ සිම්බාබ්වේ ආදී කණ්ඩායම්වලට එරෙහිව ටෙස්ට් ශතක වාර්තා කිරීමට සමත්වී සිටි ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්විය. ඒ අනුව සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකයට හිමිකම් කීමට සමත්වූ මැතිව්ස් දිනය අවසානයේදී පන්දු 213කට මුහුණ දී එක් හයේ පහරක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 114ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

 හයේ පහර දෙකක් සමගින් පන්දු 77කදී ලකුණු 34ක් ලබා දිනේෂ් චන්දිමාල් අනෙක් අන්තයේ සිය කඩුල්ල රැකගැනීමට සමත්වී සිටී.

 තරග 2කින් සමන්විත දෙරට අතර පළමු තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඕෂධ ප්‍රනාන්දු සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරැඹූ දිමුත් කරුණාරත්න ලකුණු 09ක් ලබා සිටියදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙසින් මුළු ලකුණු 23දී පිටියෙන් ඉවත් කිරීමට නයිම් හසන් සමත්විය.

 ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36ක් ලබා සිටියදී නයිම් හසන්ගේ දෙවැනි ගොදුර ලෙස පිටියෙන් ඉවත්ව යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල ලෙසින් පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැත්ව්ස් සමගින් ලකුණු 92ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.

 සිය 13 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා සිටියදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට නයීම් හසන් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.


 ලකුණු පුවරුව

 ශ්‍රී ලංකා පළමු ඉනිම

 ඕෂධ ප්‍රනාන්දු ඇ.ලිටන් දාස් ප.නයීම් හසන් 36

 දිමුත් කරුණාරත්න ක.මුවා කළා ප.නයීම් හසන් 09

 කුසල් මෙන්ඩිස් ඇ.නයීම් හසන් ප.තයිජුල් ඉස්ලාම් 54

 ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 114

 ධනංජය ද සිල්වා ඇ.මහමුදුල් හසන් ප.ෂකිබ් අල්හසන් 06

 දිනේෂ් චන්දිමාල් නොදැවී 34

 අතිරේක 05

 එකතුව පන්දුවාර 90කදී කඩුලු 4ක් දැවී ලකුණු 258

 කඩුලු වැටීම 1-23, 2-66, 3-158, 183-4

 පන්දු යැවීම

 ෂොරිෆුල් ඉස්ලාම් 13 1 58 0 කයිල් අහමඩ් 11 14 5 0

 නයීම් හසන් 16 2 71 2 තයිජුල් ඉස්ලාම් 31 8 73 1

 ෂකීබ් අල්හසන් 19 7 27 1

advertistmentadvertistment
advertistmentadvertistment