ජ්‍යෙෂ්ඨ පුරවැසි ලක්‍ෂයට අඩු බැංකු පොලී බද්දෙන් නිදහස්

257

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකිරීමට තීරණයක් ගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ බද්ද නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පත්වන අපහසුතා පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් පසුව මේ තීරණය ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි. මේ ගැන කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රු. ලක්‍ෂයකට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු සියයට 5 අනුපාතයත් සමග රු. ලක්‍ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදුවීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන සහනයක් ලෙස මාසික බැංකු පොලී ආදායම රු. ලක්‍ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද නොගැනීමට අපි තීරණය කළා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment