මාධ්‍යයට පහරදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ වැඩ තහනම්

306


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පහරදීමට අදාලව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇත.

මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම” ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි’

විශේෂ කාර්ය බළකායේ අගමැති ආරක්ෂ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය’

advertistmentadvertistment
advertistmentadvertistment