ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට යකා වැහෙයි

803

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් පුද්ගලයෙක් වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් තත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ වන විට හුවමාරුවෙමින් පවතී.

අදාල සිදුවීම ඊයේ (26) සවස රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ගොරකඇල ප්‍රදේශයේදී ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් කිහිප දෙනෙක් සමග කිරිඇල්ල දෙසට ගමන්කරමින් සිටියදී ඔහුගේ පසුපසින් පැමිණි මෝටර් රථයක් ඉස්සර කිරීමක් සම්බන්ධයෙන් මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත.

අදාල මෝටර් රථයේ රියදුරු ඇතුළු කිහිප දෙනෙක් ගමන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් ඔහුට චෝදනා එල්ලකර ඇත්තේ අපරික්ෂාකාරීව රිය ධාවනය නිරීමක් කල බවකි.
කෙසේවෙතත් මෙම නිළධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ෂනයට පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment