ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශූරතාවය… සුදුස්සන් තේරීමේ ශ‍්‍රී ලංකා උස්බෙකිස්තාන තරගය අද

210

ජපානයේ පැවැත්වීමට නියමිත 21 වන ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශූරතාවයට මධ්‍යම ආසියානු කලාපයෙන් සහභාගිවීමට නියමිත සුදුස්සන් තේරීමේ තරගය අද (14 දින* පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සහ උස්බෙකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව ඇත.
 
 ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශූරතාවය මේ වසරේ සැප්තැම්බර් 12 සිට 19 දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතය.

voliball2
 
 2017 වර්ෂයේ ආසියානු මහද්වීපික වොලිබෝල් සම්මේලනය ගත් තීරණයකට අනුව ආසියානු ජ්‍යෙෂ්ඨ තරගාවලියට සහභාගි විය හැකි කණ්ඩායම් ගණන 16 කි. ඒ අනුව පෙර වර්ෂයේ තරගාවලියේදී ප‍්‍රථම ස්ථාන 10 හිමිකර ගන්නා කණ්ඩායම්, සත්කාරක රට හා ආසියානු වොලිබෝල් සම්මේලනය තුළ ක‍්‍රියාත්මක වන වොලිබෝල් කලාප 5 න් එක් කණ්ඩායම බැගින් මෙම අවසාන කණ්ඩායම් 16 සංයුතියට ඇතුළත්වේ. ඉහත කණ්ඩායම්වලට බාහිරව කලාපයකින් එක් කණ්ඩායමකට වඩා අයැදුම් කර තිබීමෙන් එම කලාපය තුළ තරග පවත්වා ජයග‍්‍රාහකයන් ආසියානු වටයට සුදුසුකම් ලැබීමේ ක‍්‍රමවේදයට අනුව මෙම ශ‍්‍රී ලංකාව හා උස්බෙකිස්තාන තරගය පැවැත්වීමට සිදුව ඇත.
 
 1975 වර්ෂයේදී ප‍්‍රථම වරට ආරම්භ කරන ලද ආසියානු වොලිබෝල් ශූරතාවය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර මේ විට ශ‍්‍රී ලංකාව 12 වතාවක් සහභාගි වී ඇති අතර උස්බකිස්ථානය සහභාගි වී ඇත්තේ 04 වතාවක් පමණි. ශ‍්‍රී ලංකාව මේ තරග මාලාව සඳහා 1989 වර්ෂයේදී ප‍්‍රථම වරට සහභාගි වූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොඳම ප‍්‍රතිඵල වන්නේ 2011 වර්ෂයේ දී ඉරානයේ පැවැති 16 වන ආසියානු තරගාවලියේ දී 08 වන ස්ථානයට පත් වී ප‍්‍රථම වරට සුපර් ලීග් වටයට සුදුසුකම් ලැබීමයි. 2019 වර්ෂයේ දී අවසන් වරට පැවැති ආසියානු තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට හිමිවූයේ 14 වන ස්ථානයයි.
 
 උස්බෙකිස්තානය ප‍්‍රථම වරට මෙම තරග මාලාව සඳහා සහභාගි වූයේ 1997 වර්ෂයේදීය. එයට පසු 2005, 2011 සහ 2013 වර්ෂවලදී මෙම තරග මාලාව සඳහා සහභාගි වූ උස්බෙකිස්තාන කණ්ඩායම ඒ සෑම අවස්ථාවකදීම හිමිකර ගනු ලැබුවේ 16 වන ස්ථානයයි.
 
 ශ‍්‍රී ලංකාව හා උස්බෙකිස්තානය ආසියානු ශූරතාවයේදී එකිනෙ කට හමුවී ඇත්තේ දෙවරක් පමණි. ඒ 2011 සහ 2013 වර්ෂයවල දී පැවැති ආසියානු වොලිබෝල් ශූරතාවයන් හිදීය. එම අවස්ථා දෙකේදීම ශ‍්‍රී ලංකාව තරග වට 3/0 උස්බෙකිස්තානය පරාජයට පත් කිරීමට සමත්ව ඇත.
 
 එමෙන්ම 2019 වර්ෂයේ දී පැවති තුන්වන ආසියානු අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් ශූරතාවයේදී උස්බෙකිස්තානයට දෙවරක් ශ‍්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී ප‍්‍රථම වටයේ දී තරග වට 3/0 කින් ශ‍්‍රී ලංකාව උස්බෙකිස්ථානය පරාජයට පත් කරන ලදී. තරග මාලාවේ පස්වන හා දහවන ස්ථාන තේරීමේ තරගවලදී උස්බෙකිස්තානය විසින් ශ‍්‍රී ලංකාව තරග වට 3/2 කින් පරාජයට පත් කර ඇත.
 
 ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය ශ්‍රේණිගත කිරීම් අනුව අද වන විට ශ‍්‍රී ලංකාව 53 වන ස්ථානයේ ද උස්බෙකිස්ථානය 136 වන ස්ථානයේ ද පසුවේ. ඒ අනුව ආසියානු කලාපයට අයත් වන රටවල් 65 ක් අතුරින් ශ‍්‍රී ලංකාව 10 වන ස්ථානයද, උස්බෙකිස්තානය 24 වන ස්ථානයද හිමිකර ගෙන සිටියි. ඒ සමඟම 2019 වර්ෂයේදී නේපාලයේ දී පැවැති මධ්‍යම ආසියානු දෙවන පෙළ (ක්‍්එැටදරහ 2* පිරිමි වොලිබෝල් ශූරතාවයේදී උස්බෙකිස්තානය අවසන් මහා තරගයේ දී කිරිකිස්ථානයට පරාජයවී අනුශූරතාව හිමිකර
 
 ගන්නා ලදී.
 
 ශ‍්‍රී ලංකාව හා උස්බෙකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගයේ දී පෙර පැවති වාර්තාවන්ට අනුව වැඩි වාසි ශ‍්‍රී ලංකාවට පවතින බව පෙනෙන්නට ඇත. එහෙත් 2013 වර්ෂයෙන් පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර තරගයකදී උස්බෙකිස්තානය මුණ ගැසී නොමැති වීමත් 2019 වර්ෂයේ දී පැවති මධ්‍යම ආසියානු තරග මාලාවේ දී උස්බෙකිස්තානය බංග්ලාදේශය හා 2018 ජයග‍්‍රාහකයන් වන ටර්කිස්තානය පරාජය කිරීමට සමත් වීම ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කරුණු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment