ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එන්නත්කරණය ඉදිරි දින කිහිපයේ වේගවත් කරනවා…. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල

124

වයස අවුරුදු 60 ඉක්මවූ සියලූ පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (27 දා* සවස පැවති සාකච්ඡුාවකදී පැවසීය.

 එම වයස ඉක්මවූ සෑම අයකුගේම දිස්ත‍්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත‍්‍රික් ලේකම්වරුන් හරහා ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු වරට මෙලෙස සාකච්ඡුාවක් සඳහා එක්විය. මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය මේ වනවිට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහා ද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමු වෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එන්නත්කරණය ඉදිරි දින කිහිපයේ වේගවත් කරනවා.... සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල

මෙම ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත්, එම සහාය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බවත් හෙතෙම පැවසීය. කොරෝනා මර්දනයෙහි තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත් එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය.

 මේ වන විට සිදුවන කොවිඞ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස්වලටට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment