ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සම්මානයෙන් පිදුම් ලබයි

358

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් අද පිදුම් ලැබීය.සම්මානය පිරිනැමීමේ උත්සවය අද පස්වරුවේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.ජපානය සමග මිත්‍රශීලී සබඳතාව වැඩදියුණු කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය “සූර්ය ස්වර්ණ” (The Order of the Rising Sun) සම්මානය වර්ෂයකට දෙවතාවක් විදේශිකයෙකුට පිරිනමයි.

advertistmentadvertistment
advertistmentadvertistment