ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අභාවප‍්‍රාප්ත වෙයි

233

මෙරට විසූ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු මෙන්ම විශිෂ්ටතම සාහිත්‍යධරයකු, තීරු ලිපි රචකයකු ද වූ සිරිලාල් කොඩිකාර මහතා ඊයේ (19 දා) අභාවප‍්‍රාප්ත විය.

මියයන විට 97 වැනි වියේ පසු වූ කොඩිකාර මහතා ස්වකීය මාධ්‍ය ජීවිතය ඇරඹුවේ 1947 වසරේ ‘සිංහල ජාතිය’ පුපත්පතනි. ඞී. බී. ධනපාල මහතා ‘දවස’ පුවත්පතේ කර්තෘත්වය හෙබවද්දී ඊට එක්වූ ඔහු ‘කෝසල රජුගේ අලූත් සිහිනය’ නමින් ලිපි පෙළක් ද ලියුවේය.

වාමාංශික දේශපාලන මතවාද දැරූ ඔහු පසුව ‘දවස’ තුළින් ඉවත්ව ‘ඇත්ත’ පත‍්‍රයට සම්බන්ධ විය. එකල රජය ගත් අනුවන තීන්දු තීරණ ගැන උපහාසාත්මක ප‍්‍රකාශ කරමින් නොබියව තම පෑන මෙහෙය වූ ඔහු ‘ඇත්ත’ පත‍්‍රය තුළ කවීත්වයෙන් ලියූ ‘රංචාගොඩ ළමයා’ තීරු ලිපි එතුමන්ගේ කවීත්වයෙහි නව මානයක් සටහන් කළේය. සමාජීය දැනුම්, දේශපාලනය හා භාෂා ඥානය ඔහුගේ නිර්මාණ තුළින් වඩාත් උද්දිපනය වූයේය. දේශපාලන චරිත දේශපාලනය පුවත් මෙන්ම පොදු ජනතාවගේ දෛනික ජීවිතවලට බලපෑ විවිධ සංසිද්දීන් ද ඔහුගේ කවිවලට විෂය වූයේය.

මානසවිල – කනේරු මල මා දුටු කෝසල සිහින, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, දියවැළක් ඔස්සේ, මගේ සාක්කිය ඇතුළු කෘති රැුසක් සිංහල සාහිත්‍යයට ඔහු මුසු කළේය. ඔහුගේ නිර්මාණවලට මේ රටේ ජනතා උපහාර මෙන්ම ජන හරසර ද නොඅඩුව ලැබිණි. දීපා, අමිල, පසන් යන දියණියකගේ පුතුන් දෙපළකගේ පියාණන් වූ සිරිලාල් කොඩිකාර මහතාගේ එක් පුතෙකු වූ පසන් කොඩිකාර මෙන්ම සිරිලාල් මහතාගේ බිරිඳ අනුලා වීරසූරිය ද කලකට පෙර අභාවප‍්‍රාප්ත වූවාය. පුවත්පත් කලාවට සාහිත්‍යයට අභිමානවත් ඉසව් හඳුන්වා දීමට එතුමන් අභීතව කළ මෙහෙවර අතිමහත්ය. ඒ මහතාගේ දේහය අද (20 දා) උදේ සිට බොරැුල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment