ජ්‍යොතිෂය ඉගැන්වීමට නිවසට ගොස් දැරිය දූෂණය කළ විදුහල්පති අල්ලයි

494

 වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය
 
 දාහත් හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවිස්සාවේල්ල අධිකරණය ඉදිරිපත් කරන ලදුව මහෙස්ත‍්‍රාත් ජනක රත්නායක මහතා සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
 
 මෙම මස 5 වන දින අදාළ දැරිය සිය මව සමග දැරණියගල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර තිබේ. ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු එම දැරියගේ නිවසට ජ්‍යොතිෂ්‍යය පිළිබඳව ඉගන්වීමට ගිය අවස්ථාවක මෙම අතවරයට ලක් කර ඇති බවට දැරිය පොලිසියට පවසා ඇත. නඩුව නොවැම්බර් මස 29 දින යළි කැඳවනු ලබයි. සැකකරු දැරණියගල සමථ මණ්ඩලයට ද සම්බන්ධ පුද්ගලයෙකි. සැකකරු අවුරුදු 50 පමණ විවාහකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment