ජාඇල නගර සභාවේ උප සභාපතිගේ මන්ත්‍රීධුරය අහෝසි කරයි

214


ජාඇල නගර සභාවේ උප සභාපති නාගරික මන්ත්‍රි එචි.ජේ.රුවින්ද අබේරත්න මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කොට ඇති බව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම නිසා මෙලෙස මන්ත්‍රීධුරය අහෝසිවී තිබේ.
2018 වසරේ පළාත් පාලන මැතිවරණය සදහා ජාඇල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා තරග කොට ජයගෙන නාගර සභාවට පත්වු අබේරත්න මහතා 2018 වසරේ සිට මේ දක්වා ජාඇල නගර සභාවේ උප සභාපති ධුරය ඉසිලිය.
සභාපති තනතුර සදහා පැවති ඡන්ද විමසිමේදි ඔහු පොදුජන පෙරමුණෙන් සභාපති ධුරයට තරග වැදුන ශම්ම්ක ඩයස් මහතාට සහය ලබාදීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු නෙරපා හරිනු ලැබිය.එම තිරණයට එරෙහිව ඔහු අධිකරණයේ පිහිට පැතුවද ඉන් පරාජයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment