ජාඇල රෝහලට ආ පිරිස් සයිනොෆාම් නැතිව හිස් අතින්ම ගෙදර යති

195

කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රා ව ලබාගැනීමට ජා-ඇල ප‍්‍රාදේශීය රෝහලට 06 දා උදෑසන පැමිණ සිටි දෙදහසක් පමණ ජනතාවට එන්නත ලබා ගැනීමට නොහැකි වීම නිසා දැඩි අපහසුතාවට පත්ව ආපසු හැරී යාමට සිදු විය.

ජාඇල රෝහලට ආ පිරිස් සයිනොෆාම් නැතිව හිස් අතින්ම ගෙදර යති

ඉකුත් 03 දා දින සිට ජා-ඇල ප‍්‍රාදේශීය රෝහලේ සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදීම ආරම්භ කළ අතර එය ඉකුත් 05දා දක්වා ජනතාවට ලබාදෙනු ලැබීය. රෝහලේ නිවේදනයට අනුව 06 දා අළුයම් කාලයේ සිට පෝලිම් ගැසී සිටි ජනතාවට රෝහල් සේවකයන් පවසා ඇත්තේ එන්නත් මාත‍්‍රා නොලැබීම නිසා එදින එන්නත්කරණය සිදු නොකරන බවයි. මෙහිදී එන්නත ලබා ගැනීමට පැමිණි ජනතාව නොසන්සුන්තාවට පත්වු අතර පසුව පැමිණි ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීමෙන් අනතුරුව පැමිණි ජනතාව ආපසු නිවෙස් බලා පිටත්ව ගියහ.

ක`දාන රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment