ජාඇළ පොහොට්ටුවේ නාගරික මන්තී‍්‍රවරියක් අනවසරයෙන් කුඹුර ගොඩකරද්දී මාට්ටු… අතපසුවීමකින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙන් අනුමැතිය ලබාගැනීමට නොහැකි වුණා – මන්ත‍්‍රිනී ඈන් දිපිකා මාකස්

284

පුරන් කුඹුරුවල පොල් පැළ සිටුවීමට අවසර ගෙන තෙත් බිම් ගොඩකරනවා…. නාගරික මන්ත‍්‍රී ස්ටෙෆ්නි ප‍්‍රනාන්දු

මුතුරාජවෙල රක්ෂිතයට අයත් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට යාබදව පිහිටි ජාඇළ ඉඳිවිටිය ප‍්‍රදේශයේ ජාඇළ නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරියකට අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් ඉකුත් 14 දින ගොඩ කරමින් සිටියදී ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් වටලා ගොඩ කිරීම තහනම් කොට ඇත.

ජාඇළ පොහොට්ටුවේ නාගරික මන්තී‍්‍රවරියක් අනවසරයෙන් කුඹුර ගොඩකරද්දී මාට්ටු... අතපසුවීමකින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙන් අනුමැතිය ලබාගැනීමට නොහැකි වුණා - මන්ත‍්‍රිනී ඈන් දිපිකා මාකස්
ගොඩ කිරීමට ලක්වූ ඉඩම සහ එයට යන තාවකාලික පාර

ඉඩම ගොඩකිරීම සඳහා යොදා ගෙන තිබූ බැකෝ යන්ත‍්‍රය සහ ටිපර් රථයද කඳාන පොලිසිය විසින් තම භාරයට ගෙන ඇත. මේ වන විට වාහන දෙක මුදා හැර ඇත. මෙම වැටලීමේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයේ අංශභාර නිලධාරී පී. රණවීර මහතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ නාගරික මන්ත‍්‍රිවරිය තමන්ට එම ඉඩම ගොඩ කිරීමට අනුමැතිය ලබා ගෙන ඇතැයි පවසා සිටියත් ඉඩම් ගොඩකිරීමේ පනතේ ඇති නීති රීති අනුව ගොඩකිරීම අත්හිටවූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බවය.

මේ පිළිබඳව සිද්ධියට සම්බන්ධ ඉඩම හිමි ජාඇළ නාගරික මන්ත‍්‍රිනී ඈන් දිපිකා මාකස් (පොදුජන පෙරමුණ* මහත්මියගෙන් කළ විමසිමේදී ඇය පවසා සිටියේ තමන්ට අයත් එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයකින් ලබා ගෙන ඇති බවය. තමාගේ අතපසු වීමකින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තු වෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බවය. තමන්ගේ ඉඩමට මායිම්ව පිහිටි ඉඩමේ ජාඇළ නගර සභාවේ තවත් මන්ත‍්‍රීවරයකු විසින් ස්ථිර නිවාස කිහිපයක්ද ගොඩනගා ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ජාඇල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ස්ටෙෆ්නි ප‍්‍රනාන්දු මහතා (ජ.වි.පෙ.) :

පුරන් කුඹුරුවල පොල් පැළ සිටුවීමට අවසර ගන්නා මුවාවෙන් මුතුරාජවෙල රක්ෂිතයේ තෙත් බිම් ගොඩකිරීම අද සීග‍්‍රයෙන් කෙරීගෙන යන බවත් මේ තත්ත්වය නිසා වර්ෂා සමයේ වැසි ජලය රඳවා ගන්නා මුතුරාජවෙල පුරන් වෙල්යායට දැඩි බලපෑම් එල්ලවී ජාඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඳිවිටිය, වෑවල, කළඑලිය ප‍්‍රදේශ සහ ඇලකන්ද අධිවේග මාර්ගය වැසි ජලයෙන් යට වීමෙන් දහස් ගණනක ජනතාව පීඩාට පත්වන බවය. මෙවැනි අකටයුතුකම්වලට දේශපාලඥයන්ද සම්බන්ධව සිටීම අතිශය ලැජ්ජාවට කරුණක් බවද පැවසීය.

බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment