ජාකර්තාහිදී ඝාතනය වූ ශ්‍රී ලාංකික කෝටිපතියාගේ බිරිඳ කටාරයට පැනලා

555

ජාකර්තා නුවර මහල් නිවසකදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික කෝටිපතියකු වූ ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණයට සම්බන්ධ ඔහුගේ බිරිය සහ තවත් නාඳුනන කාන්තාවක් ජාකර්තා ගුවන්තොටුපළින් දෝහා කටාර් වෙත යන අයුරු පොලිසිය සොයාගෙන ඇත.

මෙම දෙදෙනා ජාකර්තා ගුවන්තොටුපළ ආගමන විගමන ඒකකයෙන් හඳුනාගෙන ඇති අතර ඔවූහු බ්‍රසීල ජාතිකයෝ වෙති. එම කාන්තාවන් දෙදෙනා සමඟ ඔනේෂ්ගේ සිව් හැවිරිදි දියණිය ද සිටි බව හෙළිවී තිබේ.

මෙම මරණයට අදාළ තොරතුරු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් එරට විදේශ අමාත්‍යාංශයෙන් විමසා ඇත.

ජාකර්තා පොලිසිය කෝටිපතියා මියගොස් සිටි මහල් නිවසට යනවිට එහි දොරේ ‘ඩූ නොට් ඩිස්ටර්බ්’ නමැති පුවරුව එල්ලා තිබූ බව සොයාගෙන තිබේ.

මේ අතර ජාකර්තා පොලිසිය ඔනේෂ්ගේ බිරිය, දියණිය සහ නාඳුනන කාන්තාව ගැන දෝහා පොලිසියට දන්වා ඔවුන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇති අතර එම ඉල්ලීම බ්‍රසීල පොලිසිය වෙත ද දන්වා ඇත.

මියගිය ඔනේෂ් ඇමරිකානු ව්‍යාපාරික ඇල්ෆ්‍රඩ් සුබසිංහ මහතාගේ පුත්‍රයෙකි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment