ජාජබයෙන් මාතර සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල්

77

මාතර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේදී මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහත සඳහාම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ අතර මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ වැලිගම ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ ජයන්ත පතිරණ මහතා, රටේ ජනතාවගේ බලාපොරොත්තු සහ අරමුණු වෙනුවෙන් ජාතික ජන බලවේගය රටේ සියලු පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම ජාතික ජන බලවේගයේ කණ්ඩායමයි. මෙම අවස්ථාවේදී මාලිම්බඩ ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක නීතීඥ තාරක නානයක්කාර, පිටබැද්දර ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර සියලු පළාත් සභා කණ්ඩායම් නායකයන් පිරිස එම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment