ජාත්‍යන්තරය දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  යුද හමුදාවෙන් උසස්වීම්…

403

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාපති කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි.

 මෙම අවස්ථාව සඳහා ආසියානු කුසලාන ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්. මහීෂ් තීක්ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කෝප්‍රල් ටී. ටී. අල්ගම, කෝප්‍රල් කේ.බී.වයි. ද සිල්වා හා කෝප්‍රල් එම්.ඒ.අයි.ජේ. පෙරේරා සහ ආසියානු කායවර්ධන ශූරතාවලිය – 2022 හි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.

 එම අවස්ථාවේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදි.

 ඒ අනුව, සාමාන්‍ය සෙබළ එම්.මහීෂ් තීක්ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදෙන ලදි.

 මීට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ විසින් මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කළ අතර මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති – මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බි්‍රගේඩියර් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී යන මහත්වරුන් එක්වී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment