ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පුටින්ට වරෙන්තු

161

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත්කර ඇත්තේ පසුගිය සිකුරාදාය.

ජනපති පුටින් සමග එරට ළමා අයිතිවාසිකම් කොමසාරිස් මරියා ලොවෝවා බලෝවාට ද මෙම චෝදනාව ඉදිරිපත්කර ඇත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කරන්නේ මේ දෙදෙනා යුක්‍රේනයේ සිට රුසියාවට නීති විරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීමේ යුද අපරාධය සිදු කර ඇති බවට සාක්ෂි තිබෙන බවයි. යුක්‍රේරේනය ආක්‍රමණය කිරීමෙන් පසු ළමුන් 16,000 කට අධික සංඛ්‍යාවක් රුසියාවට හෝ රුසියාවේ පාලන ප්‍රදේශවලට මාරු කර යවා ඇතැයි යුක්‍රේන ආණ්ඩුව ගණන් බලා තිබිණි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. යුක්‍රේන දරුවන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ විමර්ශකයන් මීට පෙර පවසා තිබුණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment