ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 දී විශ‍්‍රාම ගනී

332

2031 වසරේ මුල් අදියර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය International Space Station – ISS) ශාන්තිගර සාගරයට කඩා වැටෙන බැව් භ්ී් ආයතනය විසින් සඳහන් කර තිබෙනවා. නමුත් 2030 වසර වන තෙක්ම මෙම මධ්‍යස්ථානය භාවිතයේ පවතින බවටත් භ් (National Aeronautics and Space Administration) ආයතනය විසින් සහතික වී සිටිනවා. මෙම මධ්‍යස්ථානය කඩා වැටීමට නියමිතව ඇත්තේ ශාන්තිගර සාගරයේ ‘‘පොයින්ට් නීමෝ’’ යනුවෙන් හැඳින්වෙන ප‍්‍රදේශයේ වන අතර එය ගොඩබිමට බොහෝ සෙයින් ඈතින් පිහිටා තිබෙනවා. 2001 වසරේදී කඩා වැටුන ‘‘මීර්’’ රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුළු බොහෝ පැරණි චන්ද්‍රිකාවන් හා අනෙකුත් අභ්‍යවකාශ සුන් බුන් පවා මෙම ස්ථානයේ කඩා වැටී ඇති අතර ඒ නිසාම මෙම කලාපය ‘‘අභ්‍යවකාශ යානා සුසානය’’ යනුවෙන් හැඳින්වේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ (ISS) මධ්‍යස්ථානය කක්ෂගත කර තිබෙන්නේ පෘථිවියට කි. මී. 400 ක් පමණ ඉහළින්. මෙය පෘථිවිය වටා තත්පරයට කි. මී. 7.67 ක වේගයෙන් භ‍්‍රමණය වන අතර පැය එකහමාරකදී පෘථිවිය වටා කක්ෂීය ගමන සම්පූර්ණ කරනු ලැබේ. මෙහි බර ටොන් 412 ක පමණ වේ. මෙම නැවතුම්පළ තුළ එක්වර වාසය කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව හයක් වෙන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වූ නානකාමර, ව්‍යායාම් ශාලාවන්ගෙන් සමන්විත අතර ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය සහ යුරෝපා විද්‍යාගාරයන්ගෙන් සමන්විතයි.

අභ්‍යවකාශ ඒජන්සි පහක හවුල් ව්‍යාපෘතියක් වූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 1998 වසරේ පටන්ම කක්ෂගතව පැවැති අතර 2000 වසරේ පටන් කාර්ය මණ්ඩලයක්ද මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් සේවයේ යොදාවා තිබේ. මේ වෙන විට මෙහි ක්ෂුද්‍රගුරුත්ව විද්‍යාගාරයේ පර්යේෂණ 3000 කටත් වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබේ. කෙසේ හෝ වේවා සියලූ කොටස්කරුවන්ගේ එකඟත්වය මත මෙම මධ්‍යස්ථානය 2024 වසර දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිත අතර කාලය දීර්ග කිරීමට අවශ්‍ය නම් සියලූ පාර්ශ්වයන්ගේ අනුමැතිය ලබා ගැනීමටත් සිදු වේ.

දුෂ්කර ගමනක්…

මෙම නැවතුම්පළ පිළිබඳව කතාබහ කිරීමේදී ඒ වෙනුවෙන් දරන ලද ප‍්‍රයත්නයන්ද සුළු පටු නැත. 1998 වසරේදී රුසියාවේ ‘‘සරීයා’’ (Zarya) නැමැති මොඩියුලය මගින් ‘‘ප්‍රෝටොන්’’ නිමින් රොකට්ටුවක් කක්ෂගත කරන ලදී. අභ්‍යවකාශ තරගයේ නිරන්තර තරගයේ සිටින

‘‘එන්ඩෙවර්’’ ෂටලය විසින් ‘‘යුනිටි’’ (Unity) යනුවෙන් නෝඩයක් සකස් කිරීම රුසියාවේ මෙහෙයුමෙන් දෙසතියක් ගෙවෙන විට සිදු විය. මුල් කොටස කක්ෂගතව තිබියදී යාන්ති‍්‍රකව සිදුකරන ලද මෙම මෙහෙයුම තව දුරටත් වැඩි දියුණු කරමින් පසුව අභ්‍යවකාශ ෂටල භාවිතයෙන් මොඩියුල යවන ලද අතර ඒවායේ සම්බන්ධතාවයන් වෙනුවෙන් මිනිසුන්ද යැවීම සිදු විය. තව දුරටත් මෙම තත්ත්වය සංවර්ධනය කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පළ මිනිසුන්ට ජීවත්විය හැකි අන්දමින් සකස් කරන ලද අතර 2000 වසරේ නොවැම්බර් මාසයේ දෙවැනි දින මෙහි නවාතැන්

ගැනීමට ප‍්‍රථම මිනිසුන් කණ්ඩායම පිටත් කර යැවීම නැවතුම්පළේ විශේෂ හැරවුම් ලක්ෂයක් සේ සැලකේ. 2011 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශයේ මොඩියුල 159 ක් පමණ අභ්‍යවකාශයේ ගෙවන ලද කාලය පැය 1000 ක් පමණ යැයි සටහන් වේ.

විශ‍්‍රාම ගන්වන්නේ ඇයි….?

නාසා ආයතනයේ වානිජමය අභ්‍යවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ෆීල් මැක්ඇලිස්ටර් සඳහන් කරන්නේ පෘථිවියේ පහළ කක්ෂයේ එනම් පෘථිවියට ආසන්න ප‍්‍රදේශයේ කි‍්‍රයාකාරකම් වාණිජ අංශයට පැවරීමට සූදානමක් ඇති නිසා මේ පියවර ගැනීමට අදහස් කර ඇති බවයි.

2020 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සුදුසු එක් මොඩියුලයක් සවි කිරීමට නාසා ආයතනය විසින් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ සමාගමක් වන ‘‘ඇක්සියම් ස්පේස්’’ වෙත කොන්ත‍්‍රාත් පදනමට භාර දී තිබේ. ඒ අතරම නාසා ආයතනය විසින් තවත් සමාගම් තුනකටද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් හා පෘථිවි කක්ෂයේ පිහිටුවිය හැකි වෙනත් වාණිජමය ගමනාන්තයන් සඳහා පිරිසැලසුම් නිර්මාණය කිරීමට අරමුදල් සපයා තිබේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විශ‍්‍රාම ගැන්වීමට පෙරාතුව මෙම නව ව්‍යාපෘතීන් අර්ධ වශයෙන් හෝ කි‍්‍රයාකාරී තත්ත්වයෙන් පැවැතිය හැකි බැව් සඳහන් කරන නාසා ආයතනය පවසන්නේ පෘථිවියේ පහළ කක්ෂය ඇමෙරිකාවේ දැවැන්ත වාණිජ ආර්ථිකයක් නිර්මාණය කරන පෙරනිමිති දැනටමත් පහළ වී ඇති බවයි. මේ වෙන විටත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශ වැඩසටහනේ වැදගත් අංගයක් බවට පත්වී අවසානයි. ඊට සම්බන්ධ පුද්ගලයන් සහ බඩුබාහිරාදියත් අභ්‍යවකාශයට ප‍්‍රවාහනය කරන්නේ පුද්ගලික සමාගම් විසින් වන අතර රුසියාවේ සෝයුස් සහ ප්‍රෝගෙස් යන අභ්‍යවකාශ යානාවන්ද මෙහිදී යොදා ගෙන ඇත.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment