ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 කඩා වැටේ

650

අභ්‍යවකාශයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වසර 2030 වන තෙක් සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කර 2031 වසරේ මුල් භාගයේ ශාන්තිකර සාගරයට කොටස් වශයෙන් කඩා වැටෙන බව ඇමරිකානු අභ්‍යවකාශ ආයතනය වන නාසා ආයතනය පවසයි’

නාසා ආයතනයට අනුව මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොටස් වශයෙන් කඩා වැටෙනුයේ ශාන්තිකර සාගරයේ ‘පොයින්ට් නෙමෝ’ නමැති ස්ථානයටයි’ එම ස්ථානය අභ්‍යවකාශ යානාවල සුසාන භුමිය ලෙසද හැඳින්වෙන අතර බොහෝ පැරණි චන්ද්‍රිකා (සැටලයිට්* අභ්‍යවකාශ අපද්‍රව්‍ය මෙන්ම 2001 වසරේ රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ‘මීර්’ ආයතනය කඩා වැටී ඇත්තේද පොයින්ට් නෙමෝ ප‍්‍රදේශයටය’ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයේ පිහිටුවන ලද්දේ 1998 වසරේ වන අතර 2000 වසරේ සිට එහි කාර්ය මණ්ඩල සේවය කිරීම අරඹා තිබේ’ එහි ඇති රසායනාගාරයේ මේ වන විට සිදු කර ඇති විමර්ශන සංඛ්‍යාව 3000කට අධික බව නාසා ආයතනය පවසයි’ නාසා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අනාගත අභ්‍යවකාශ කටයුතු වාණිජ අංශය විසින් මෙහෙයවනු ඇති බවයි’

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment