ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනයට යන කිළිනොච්චියේ දේවේන්ද්‍රම්

582

63 වැනි ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා කිළිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රම් තිරුකුමාරන් සිසුවා තේරී පත්වී ඇති අතර ඔහු ශ්‍රී ලංකාවෙන්ම තේරී ඇති එකම දෙමළ ජාතික පාසල් සිසුවා වෙයි.

ලබන ජූලි මාසයේ නෝර්වේ ඔස්ලෝ නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් සිසුන් හය දෙනකු තේරී සිටින අතර කිළිනොච්චියේ සිසුවා ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරන දෙවැනි අවස්ථාව මෙය බව එම විද්‍යාලයේ විදුහල්පතිනී ජයන්ති තනබාලසිංහම් මහත්මිය පැවසුවාය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment