ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ශ්‍රී ලංකාවට

119

මුල්ම වැඩේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පණ ගැන්වීම

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමග සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මගහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇත.

ඒ අනුව, 2018 මැයි මාසයේ දී බලාත්මක වූ නමුත් මෙතෙක් ක්‍රියාත්මක නොවූ ‘ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම’ ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගැනීම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයෙහි පළමු කාර්යය වනු ඇත. ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම් ප්‍රකාරව දෙරටේම නම් කරන ලද නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුව 2023 ජනවාරි මාසයේ දී

රැස්වී ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම අවසන් කරනු ඇත.

මෙයට සමාන්තරව එළැඹෙන ජනවාරි මාසය වන විට ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය කටයුතු කරනු ඇත. මෙම කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රධාන සාකච්ඡාකරු සහ විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ අනුකමිටුවලින් සමන්විත ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) පත් කර තිබේ.

ඊට සමගාමීව ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමග ඇති කර ගැනීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව ඉන්දියාව සමග 12 වැනි සාකච්ඡා වටය, චීනය සමග 7 වැනි සාකච්ඡා වටය සහ තායිලන්තය සමග 3 වැනි සාකච්ඡා වටය 2023 වසරේ පළමු මාස දෙක තුළ පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡා ඉදිරි වසර තුළදී අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment