ජාත්‍යන්තරය මට්ටමේ වීඩියෝ ක‍්‍රීඩාවක් ලංකාවෙන්

429

මේ කාලෙ ලංකාව ගැන තියෙන්නෙ ලෝකෙම ජයගන්න පුලූවන් පුවත්. දරුවන් වගේම වැඩිහිටියනුත් පුදුම කරවන විදිහේ වීඩියෝ ක‍්‍රීඩාවක් ලංකාවෙ ඇරමැක්ස් සමාගම විසින් නිපදවා තියෙනවා. රන්ජිත් පේ‍්‍රමසිරි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ ස්නයිපර් කෙනෙක්. ඔහු වන්නි මෙහෙයුම වැනි මෙහෙයුම්වල දක්ෂතා පෙන්වා ඇති අතර 2009 වසරේ අපේ‍්‍රල් මාසයේ තවත් සතුරු ස්නයිපර්වරයෙකුගේ ප‍්‍රහාරයකින් අප අතරින් වියෝ වුණා. කෙසේ වෙතත් රන්ජිත්ව යුද පිටියේ හැදින්වූයේ නීරෝ නමින්.

සතුරන්ව හඹා ගොස් තම ඉලක්ක ජයගන්න නීරෝ වීඩියෝ ක‍්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් සාදා තිබීම ගැන බොහෝදෙනා ප‍්‍රසාදය පළකරනවා. මෙය එක්තරා අතකට ලාංකික අපට ආඩම්බරයක්ද වනවා.

advertistmentadvertistment
advertistmentadvertistment