ජාත්‍යන්තර අධිකරණයට යටත් වන්නේ නැහැ; ඊට පෙර මා මියයනවා… පිලිපීන ජනපති ඩුටාවේ

1374

ජාත්‍යන්තර අධිකරණයට මුහුණදෙන්නේ නැති අතර ඊට පෙර තමා මියයන බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාවේ ප‍්‍රකාශ කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6000 කට අධික පිරිසක් මරාදැමීම ගැන ජාත්‍යන්තර අධිකරණය ඔහුට චෝදනා එල්ල කර තිබේ.

තමාට එරෙහිව පැමිණිලි ඇත්නම් ඒ ගැන නඩු පැවරිය යුත්තේ පිලිපීනයේදී මිස හේග් නුවරදී නොවන බව පැවසූ ඩුටාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැනසුවේ ජනතාවගේ යහපතට බව කීවේය. ඩුටාවේගේ නියෝග මත පොලිසිය යෙදවූ යතුරුපැදි කණ්ඩායම් විසින් මෙම ඝාතන සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment