ජාත්‍යන්තර වොලිබෝල් ශ්‍රේණිගත ලැයිස්තුවේ – මුල් ස්ථාන බ‍්‍රසිලයට සහ ඇමරිකාවට

313

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ නවතම ශේණිගත කිරීම් අනුව පිරිමි අංශයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට බ‍්‍රසීලය සමත් වන අතර වාරයේ ඇමරිකා එක්සත් ජනපදයට කාන්තා අංශයේ මුල් තැන හිමි වී තිබේ. පිරිමි අංශයේ දෙවන ස්ථානය පෝලන්තයට හිමිවී ඇති අතර තෙවැනි ස්ථානය සෝවියට් රුසියාව සතු වෙයි.

එකී කාන්තා අංශයේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට බ‍්‍රසීලය ට හැකි වී ඇති අතර ආසියාවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් චීනය තෙවැනි ස්ථානයේ රැඳී සිටී.

පසුගිය ජූලි – අගෝස්තු ජපානයේ ටෝකියෝ අගනුවර දී ක‍්‍රියාත්මක කෙරුණු 32 වෙනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිරිමි රන් පදක්කම් ලාභී ප‍්‍රංශය ට මෙම ශේණිගත කිරීම අනුව සිවු වැනි ස්ථානය හිමිවී ඇති අතර කාන්තා අංශයේ රන් පදක්කම් ලාභී ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය තහවුරු කරගෙන සිටීම කැපී පෙනේ.

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිරිමි රිදී පදක්කම රුසියාවට ද කාන්තා රිදී පදක්කම බ‍්‍රසීලයට ද හිමි විය.

පිරිමි සහ කාන්තා ලෝකඩ පදක්කම පිළිවෙලින් ආජන්ටිනාව සහ සර්බියාව සතු විය.

2021 සැප්තැම්බර් මස 01 දින සිදු කරන ලද නවතම ශේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලොව 54 වැනි ස්ථානය තහවුරු කරගෙන ඇති අතර ලොව 65 වැනි තැන ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමි වී තිබේ.

දකුණු ආසියාතික කලාපීය රටවල් අතරින් ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙවන ස්ථානය හිමි කර ගෙන සිටී.

එකී පිරිමි අංශයේ පළමු ස්ථානය පකිස්තානය හිමි කර ගෙන ඇති අතර ඉන්දියාවට කාන්තා අංශයේ මුල් තැන ලැබී තිබේ.

ලෝක ශේණි ගත කිරීම අනුව මුල් ස්ථාන 20 හිමි කර ගෙන ඇති රටවල් පහත දැක්වේ.

පිරිමි අංශය

01. බ‍්‍රසිලය 02. පෝලන්තය 03. සෝවියට් රුසියාව 04. ප‍්‍රංශය 05. ආජන්ටිනාව 06. ඇමරිකා එක්සත් ජනපදය 07. ස්ලොවෙනියාව 08. ඉතාලිය 09. සර්බියාව 10. ජපානය 11.ඉරානය 12.කැනඩාව 13.කියුබාව 14.ජර්මනිය 15.නෙදර්ලන්තය 16.ඊජිප්තුව 17.චෙකොස්ලෝවැකියාව 18. බල්ගේරියාව 19.ටියුනීසියාව 20. පෝර්ටෝ රිකෝ

කාන්තා අංශය

01.ඇමරිකා එක්සත් ජනපදය 02.බ‍්‍රසීලය 03.චීනය 04.තුර්කිය 05.සර්බියාව 06.ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඩොමිනික් ජනරජය 07.සෝවියට් රුසියාව 08. ඉතාලිය 09.නෙදර්ලන්තය 10. ජපානය 11.ජර්මනිය 12.පෝලන්තය 13.බෙල්ජියම 14.කොරියාව 15.පෝර්ටෝ රිකෝ 16.

බල්ගේරියාව 17.කැනඩාව 18.තායිලන්තය 19.කොලොම්බියාව 20.චෙකොස්ලෝවැකියාව.

දකුණු ආසියාතික රටවලට හිමිවී ඇති ස්ථාන පහතින් දැක්වේ.

පිරිමි අංශය

01. පකිස්තානය 02. ශ‍්‍රී ලංකාව 03. ඉන්දියාව 04. බංග්ලාදේශය සහ මාලදිවයින 06. භූතානය ඇෆ්ගනිස්තානය සහ නේපාලය.

කාන්තා අංශය

01. ඉන්දියාව 02. ශ‍්‍රී ලංකාව 03. මාලදිවයින සහ නේපාලය 05. පකිස්තානය, බංගලදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment