ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රජය අද ඩොලර් බිලියනයක් ආපසු ගෙවයි

1045

අද (ජුලි 27දා) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රජය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආපසු ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (26දා) ‘දිවයින’ ට පැවසීය.

වර්තමාන විදේශ විනිමය සංචිත ශේෂය අද ඇමරිකානු ඩොලර් බිලියනයක ගෙවීමෙන් පසු ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන බවත්” රටට අපේක්ෂිත විනිමය ගලා ඒම් සහ පිටතට ගලායෑම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ රටේ විදෙස් සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බවත් ඇමැතිවරයා කියයි.

මේ ණය ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවීමට ඉඩ තිබීම සලකා වසරේ ඉතිරි කාලය තුළ රටේ සංචිත නැවත ශක්තිමත් කර ගැනීමට රටට ඉඩ සැලසීමද සැලකිය යුතු කරුණක් බව ඇමැතිවරයා පවසයි.

විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව නොයෙකුත් අහිතකර අදහස් ප‍්‍රකාශ කරමින් සිටින අතර එහි අස්ථාවර තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කර ඇති බව ද ඇමැති කබ්රාල් මහතා පෙන්වා දෙයි’

රටට වඩාත්ම වැදගත් වන්නේ රටට ගලාගෙන එන මුදල් ප‍්‍රවාහය මිස නිශ්චිත වේලාවක පවතින සංචිත මට්ටම නොවන බව අවධාරණය කළ යුතුය’ පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප‍්‍රවාහයන් පිළිබඳ ඔවුහු දැඩි විමසිල්ලෙන් පසු වෙති’ මේ නිසා මුදල් ප‍්‍රවාහය සාර්ථකව කළමනාකරණය කිරීමෙන් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බව එම මූල්‍ය කළමනාකරුවන් හොඳින් දන්නා බව ද ඇමැතිවරයා කියයි’

ශ‍්‍රී ලංකාව සිය බාහිර මුදල් ප‍්‍රවාහයන් සකස් කර ඇති අතර එමඟින් සෑම විදේශ විනිමය ණය ආපසු ගෙවීමක්ම සහ පොලී ගෙවීමක්ම නියමිත වේලාවට සිදු කරනු ඇත’ රටේ විදේශ විනිමය නළ මාර්ගයට අනුව ඉදිරි මාස 3 තුළ ගලා ඒම ඇමරිකානු ඩොලර් මිලියන 2”650 කට ආසන්න බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි’

ඉන්දියාවේ විදේශ විනිමය හුවමාරු පහසුකමක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්ද” බංග්ලාදේශයේ විදේශ විනිමය හුවමාරු පහසුකමක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක්ද” චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ද” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැනුම් හිමිකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක්ද ඉදිරි මාස 3 තුළ මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් මිලදී ගැනීම මගින්ද” දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් සහ ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් අපේක්ෂිත ගලා ඒම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්ද වශයෙන් මේ ඇමරිකානු ඩොලර් මිලියන 2”650 කට ආසන්න විනිමය ලැබීම් රටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා කියා සිටී’

ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක මුදලක් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන චීන බැංකුව සමඟ විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා සාර්ථකව සාකච්ඡුා කර ඇති අතර එය ද අපේ සංචිත ශක්තිමත් වීමට හේතුවනු ඇතැයි ද පෙන්වා දෙන මුදල් රාජ්‍ය ඇමැතිවරයා මීට අමතරව” වසරේ ඉතිරි කාලය තුළ කල් පිරෙන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හෝ වෙනත් ණය වගකීම් සියල්ලම පියවීමට රජය කටයුතු කරමින් සිටින අතර එවැනි ණය වාරික කල් පිරීම් අපේ විදෙස් සංචිතය අඩු කිරීමට හේතු නොවනු ඇති බවද තවදුරටත් පෙන්වා දෙයි’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment