ජාත්‍යන්තර හමුදා කී‍්‍රඩා තරගාවලියේදී බොක්සිං ඉසව්වට ගුවන් හමුදාවේ කී‍්‍රඩිකාවෝ හතරක්

223

58 වන ජාත්‍යන්තර හමුදා කී‍්‍රඩා තරගාවලියේ බොක්සිං කී‍්‍රඩා තරග ඉසව්ව සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කි‍්‍රඩිකාවන් සිව් දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. එ් අනුව එම කී‍්‍රඩිකාවන් සහ එම තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා සහභාගි වන ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවකු වන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් ප‍්‍රසාද් විජේසිංහ යන අය අද (16 වැනිදා) දිනයේදී රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

 මෙම තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත නායක ගුවන් කාන්තා චමෝදි පස්යාල විසින් කිලෝ ග‍්‍රෑම් 57 බර පංතිය යටතේ ලේටන් කප් බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඞ් කප් බොක්සිං තරගාවලිය, 2019 ජාතික බොක්සිං තරගාවලිය, 2018 සහ 2019 ජයග‍්‍රහනය කර ඇති අතර නායක ගුවන් කාන්තා සජීවනී කුරේ විසින් කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ජාතික බොක්සිං තරගාවලිය, 2018 සහ 2019, තායිලන්ඞ් විවෘත බොක්සිං තරගාවලිය 2018, ජාත්‍යන්තර සේවා බොක්සිං තරගාවලිය 2019, දකුණු ආසියානු බොක්සිං තරගාවලිය 2019, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019, ක්ලිපර්ඞ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලි ජයග‍්‍රහනය කර තිබේ.

 නායක ගුවන් කාන්තා කෂ්මි තිවංකා කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019, ක්ලිපර්ඞ් කප් බොක්සිං තරගාවලිය 2019, ජාතික බොක්සිං තරගාවලිය 2018 සහ 2019, ජයග‍්‍රහනය කර ඇති අතර නායක ගුවන් කාන්තා ගයනි කලූආරච්චි කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019, ක්ලිපර්ඞ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලි ජයග‍්‍රහනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment